Breaking
Sun. Dec 22nd, 2024

– නිලුපුලී –

යහපාලනය සඳහා වූ ජාතික රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ ඇතුළු ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඇතුලත් පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරියේදී ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA), ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම, චීනය සමග අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර ඇතුළත මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීමද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිංගප්පූරුවට ගිය නියෝජිත පිරිසේ සාමාජිකයකු ද වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද එනම් (ජූලි 20) අළුයම දිවයිනට පැමිණීමට නියමිත අතර හෙට එනම් (ජූලි 21) අරලියගහ මන්දිරයේදී පස් අවුරුදු සැලසුම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇත.

By

Related Post