Breaking
Mon. Dec 23rd, 2024
– නිලුපුලී –
ගංවතුර සහ නායයෑම් හේතුවෙන්  අසරණ වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය සඳහා  මැදිහත්වීමෙන්   ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මානසික පීඩනය අවම කරගත  හැකි බව ප්‍රජා වෛද්‍ය පාරිසරික අභියෝග හා පසු ආපදා කළමනාකරණය පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද දින එනම්  (ජුනි 02) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය .කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූවන් සමඟ සාකච්ඡා කළ බවත්  අරණායක විපතට පත් ජනතාව ඔවුන්ගේ ජීවිත හා දේපළ විනාශ වීම නිසා  නිවාස සාදා ගැනීමට නොහැකි වීමෙන් මානසික පීඩනයෙන්  සිටින බවත් පැවසු ඇය අප නිරතුරුව ඔවුන් සමග සිටින බව ඔවුන්ට දැනෙන්න සැළැස්විය යුතු බව අවධාරණය කළ ඇය සෞඛ්‍ය කණ්ඩයම් මානසික සෞඛ්‍ය සේවා වෙනුවෙන් පුහුණු කර මෙම ප්‍රදේශවලට පිටත් කර ඇති බව පවසන ලදී.

By

Related Post