Breaking
Sun. Nov 24th, 2024

නිලුපුලී –

යම් ප‍්‍රදේශයක ඇළ සහ ගංගා රක්ෂිතයන්ට හානිවන අයුරින් අනවසර ඉදිකිරීම් හෝ පරිසර හානි සිදු වුවහොත් එම ප‍්‍රදේශවල සිටින වගකිවයුතු රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත .ජනපතිපතිතුමා මේ බව අවධාරණය කළේ ජූනි 05 වනදාට යෙදී ඇති  ලෝක පරිසර දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කෙරෙන ජාතික පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරිමේ උත්සවයට ඊයේ එනම්  (මැයි 30) දින පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ දී සහභාගී වෙමිනි.අයහපත් කාලගුණයත් සමඟ පසුගියදා ඇතිවූ ගංවතුර, නායයාම් වැනි තත්ත්වයන් හමුවේ මුහුණදීමට සිදුවූ අමිහිරි තත්ත්වයන් පිළිබඳ අප සාප කළයුත්තේ වර්ෂාවට නොව පරිසරය විනාශ කළ උදවියට බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

By

Related Post