Breaking
Mon. Dec 23rd, 2024

– නිලුපුලී –

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඊයේ එනම් (මැයි 30 ) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම්, නිවාස හා දේපළ ගැටළු විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවා තිබේ.යුද්ධය අවසන් කර වසර 7 කට ආසන්න කාලයක් ගෙවී ඇතත් උතුරේ ජනතාවට යුධමය වාතාවරණයේ දී අහිමි වු පාරම්පරික ඉඩම් හා නිවාස නැවත ලබාදීමටත්, එහි සැබෑ අයිතිකරුවන් නීත්‍යානුකූලව හඳුනාගෙන ඔවුන්ගේ එම දේපළ අයිතිය නිවැරදිව පවරාදීමටත්, උතුරු පළාත සඳහා පිහිටවූ එම විශේෂ සමථ මණ්ඩලය කටයුතු කරනු ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

By

Related Post