Breaking
Wed. Dec 25th, 2024
– නිලුපුලී –
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරි කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය  සහ ගෝල්ඩන් උද්‍යානය අද දින එනම්  ( ජූනි 08) සිට (ජූනි 14) දක්වා මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සලසා ඇත. මෙහි සමාරම්භක උළෙල අද පස්වරු 2 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. හිටපු ජනාධිපති
 මහින්ද රාජපක්ෂ  පාලන කාලයේදී  අධි ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ ජනපති මැදුර  මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී. ඒ අනුව නවමු දේශපාලන මංපෙතක  සම්ප්‍රදායානුකූල පිවිසුම  විවර කරමින් මෙතෙක්  ‍පොදු ජනතාවට තහනම් කලාපයක් වූ  රජ ගෙදර දොරටු ‍පොදු ජනතාවට විවෘත කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

By

Related Post