Breaking
Sat. Sep 21st, 2024

– නිලුපුලී-

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරය දැරූ හිටපු කතානායක හා හම්බන්තොට දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත්කොට ඇති බව තමන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා පවසා ඇත.

පෙරේදා එනම්  (ජූලි18) හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමන් මේ බව ප්‍රකාශ කළ අතර  චමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරය දරමින් කළ සේවයට එතුමාට ස්තුති කළ බවත්  නව සම සභාපතිවරයාට සුබ පැතූ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දිස්ත්‍රික් ලේකම්වරයා පවසන ලදී.

By

Related Post