Breaking
Tue. Nov 26th, 2024
– නිලුපුලී – 
 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජනතාව දරන  අදහස් විමසීම් ඇතුලත් කමිටු වාර්තාව  නිල වශයෙන් කතානායකවරයා වෙත  භාරදීම ඊයේ (01) සිදු වූ අතර ලෝකයේ  හොඳම  ව්‍යස්ථාව අප රටෙන් ඉදිරිපත් කරන්නට නොහැකි වුවත්  මෙය ඒ සඳහා හොඳ ප්‍රවේශයක් වන බවට කිසිදු සැකයක් නැති බවත් කතානායක කරූ ජයසුරිය මහතා  සඳහන් කළේය.මාස කිහිපයක් තිස්සේ රට පුරා ස්ථාන ගත වී ඇති විවිධ සමාජ ස්ථරවල  අදහස් ගැඹුරින් අධ්‍යනය කරමින් මෙවැනි වාර්තාවක් සකස් කිරිමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වන බවත් පරිච්ඡේද 22 කින්  සමන්විත වාර්තාවෙහි සඳහන්ව  ඇති සෑම  අදහසක්ම  සෑම අකුරක්ම නිසි සැලකිල්ලෙන් යුතුව  පාර්ලිමේන්තුව විසින් සලකා බලනු  ඇති බවත්  කතානායකවරයා මෙහිදී  සහතික විය.එසේම මෙම වාර්තාව තුළ ආදී වාසීන්ගේ අදහස්, ආබාධිතයන්ගේ  අදහස්, ගොළු ජනතාවගේ අදහස් පවා විවිධ ක්‍රමවලින් ලබාගෙන  මෙයට  ඇතුලත් කර තිබෙන බවත් මෙම කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය.

By

Related Post