Skip to content
– නිලුපුලී –
මෙගාවොට් 500ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් හම්බන්තොට ඉදිකිරීමට රජය සැළසුම් කර ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගම වෙත පැවරීමට අදහස් කරන බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම චීන සමාගම වෙත ආයෝජන කලාපයක් සඳහා හම්බන්තොට ප්රදේශයෙන් හෙක්ටයාර් 1000ක පමණ භූමි ප්රදේශයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර මෙම නව විදුලි බලාගාරය එම භූමි ප්රදේශයේ ඉදිකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.