Breaking
Sun. Sep 22nd, 2024

-නිලුපුලී

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටීන ප්‍රදේශවාසී ජනතාවට සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ විසින් එසේ පවසන ලදී.මෙහිදී මාධ්‍ය වේදියා ඇසුවේ මුස්ලිම් සහ සිංහල ජනතාව මුස්ලිම් පල්ලියේ සිට ආධාර සමව බෙදාගන්නේ කෙසේද යන්නයි. “ ඊයේත් අප ඇවිත් සහනාධාර රැගෙන ගියේ මුස්ලිම් පල්ලියෙන් මුස්ලිම් සිංහල ජනතාවගේ එකමුතු බව ශක්තිමත් කිරීමට සියළු මාධ්‍ය කටයුතු කළ යුතුයි. කොළොන්නාව ජනතාවට බොහෝ ආධාර ලැබෙන අතර සියළුම දෙනා සහෝදරත්වයෙන් කටයුතු කරනවා.එහෙත් සමහර පෞද්ගලික මාධ්‍ය විසින් ඉතා සුළු කාරණයකදී පවා විශේෂ පුවත් සිරස්තල යටතේ ඒවා පෙන්වා ජාතිවාදය උලුප්පා දක්වමින්  එම බැඳීම දෙකඩ කිරීමට උත්සාහ කරනවා.” යනුවෙන් මෙහිදී  උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

By

Related Post