Breaking
Sat. Oct 5th, 2024
– නිලුපුලී –
වවුනියාව ඉරට්ට පෙරියකුලම උතුරු ප්‍රදේශයේදී  අද දින එනම් ( ජුනි 2) අසරණ වූ  සිංහල පවුල් 25ක්  සඳහා නිවාස ඉදිකිරීමට මුල්ගල තබන ලදී. මෙහිදී එම  අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත්සභාවේ ජයතිලක මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරේ පැවති යුද්ධයෙන් අවතැන් වී නිවාස විනාශ වීමෙන් සාමාන්‍ය ජීවිතයක් අහිමිව ගිය මෙම සිංහල ජනතාවට හිසට සෙවනක් ලබාදීම සඳහා රිෂාඩ් ඇමතිතුමා පෞද්ගලිකව විශාල උත්සාහයක් දරා ඇති බවයි.  අවතැන්වූ සිංහල මුස්ලිම් සහ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේදී ඔහු කොපමණ දුක් වේදනාවන් දරාගෙන ඇත්දැයි තමා  හොඳින් දන්නා බවත් පැවසු ඒ  මහතා දකුණේ ජාතිවාදය පතුරන ඇතැම් පුද්ගලයින් සහ සමහර පෞද්ගලික ජනමාධ්‍ය ආයතන විසින් ගෙනයන අසත්‍ය ප්‍රකාශ දැඩි ලෙස හෙළා  දකින බවත් කියාසිටි   අතර එවැනි අයවලුන්ට උතුරට පැමිණ රිෂාඩ් ඇමති විසින් සිදු කරන මෙවැනි මහඟු ක්‍රියාවන් දෙස බලන ලෙසින්  ඉල්ලීමක් කරන බැව් පවසන ලදී.උතුරේ අවතැන්වූ  ජනතාව වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා සිංහල දමිල මුස්ලිම් භේද නොතකා නිවාස 21,663 ක් ඉදිකර දුන් රිෂාඩ් ඇමති තුමාගේ දෑත මත ජාතියෙන් සිංහල උනත් අපි අතිශයින් සුරක්ෂිතයි යනුවෙන් ජයතිලක මහතා වැඩි දුරටත් කියාසිටියේය .
z zzz zzzz

By

Related Post