– නිලුපුලී –
ජුනි මස 01 දිනට යෙදුන ඡන්ද දායකයන්ගේ දිනය නිමිත්තෙන් “ඡන්දය ඔබේ අයිතියයි, කිසිදු ඡන්දහිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්රමයක්“ තේමාව යටතේ වයස අවුරුදු 18 සම්පුර්ණ කළ සියළුම දෙනා මැතිවරණ නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත .එසේම සෑම නිවසකටම ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්ර ග්රාම නිලධාරි මගින් ලබා දීමට කටයුතු කර ඇති බවත් ජුලි 15ට පෙර ඒවා සම්පුර්ණ කර භාර දීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පවසන ලදී. ඔහු එසේ පවසන ලද්දේ ඡන්ද දායකයන්ගේ දිනය නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි