– නිලුපුලී –
පසුගියදා එනම් (ජූනි 1) දින ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිංගප්පූරුවේ කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර පැවති සුහද හමුවේදී දෙරට අතර සීමා මායිම් රහිත ව්‍යාපාරික ගිවිසුමක් ඉතා ඉක්මනින් ගෙන ඒමට අදහස් කරන බව ඊශ්වරන් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.එසේම වරාය වැඩි දියුණු කිරීම, පානීය ජල ව්‍යාපෘති සකස් කිරීම මූල්‍ය හා අායෝජන යන අංශ පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙරට අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව පැවසූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන වේගය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියේය .