Breaking
Sat. Sep 21st, 2024
– නිලුපුලී – 
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සැපයුම හෙට වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
පසුගියදා කොස්ගම හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය මධ්‍යයේ ආරක්ෂිත පියවරක් වශයෙන්  විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් නිවාස 5,000 ක පමණ ප්‍ර‍මාණයකට විදුලි සැපයුම ලබා දෙන  ට්‍රාන්ස්ෆෝමර් 15ක පමණ විදුලිය කඩිනමින් විසන්ධි කළ බවත් මහතා පෙන්වා දුන්නේය.දැනට එම  ට්‍රාන්ස්ෆෝමර් 15 න් 10ක් පමණ විදුලිය ලබාදීමේ යථා තත්ත්වයට පත් කර තිබෙන බවත් ඉතිරි ප්‍රදේශයන්ට විදුලි ලබා දීමට හැකි වන්නේ  ආරක්ෂක හමුදාව විසින් ඒ ප්‍රදේශ නිරවුල් කරදීමෙන් පසු බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදෙන ලදී.

By

Related Post