Headlines

පක්ෂ නියෝජ්‍ය නායක ගරු ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් මනාලෙක්කාර් ග්‍රාමයට පානීය ජල ව්‍යාපෘතියක්

අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායකයකු වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් සිය විමධ්‍යගත අරමුදල යොදවා මනාලෙක්කාර් ග්‍රාමයේ පානීය ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එහි මුලික කටයුතු වශයෙන් ජලනල ඇතිරීම සඳහා කාණු කැපීමේ කටයුත්ත පසුගිය දිනෙක සිදු කළ අන්දම .

Read More

“උතුරට පිවිසුමක්” යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය පක්ෂ නායක ඇමැති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

“උතුරට පිවිසුමක්මැ ” මැයෙන් සංවිධානය කරණ ලද යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම පක්ෂ නායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වන දා  නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙණි. 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පෙ.ව. 10 සිට ප.ව. 03 දක්වා මෙම ප්‍රදර්ශනය ප්‍රදර්ශනය පැවැත්වේ. ප්‍රදේශීය ව්‍යවසායන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා…

Read More

දේදුණු පෙර පාසැල් උත්සවයට සහභාගී වූ ඉෂාක් රහුමාන් මැතිතුමා භික්ෂූන් වහන්සේගේ සුවදුක් විමසමින්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කට්ටියාව යාය 6 ප්‍රදේශයේ දේදුණු පෙර පාසලේදී පසුගියදා පැවති උත්සවයකදී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා එම වැඩසටහන සාර්ථකව නිමාවීමෙන් අනතුරුව එයට සහභාගී වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේගෙන් සුවදුක් විචාල අයුරු.

Read More

විනාශ වූ වැව් පොකුණු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා මන්නාරමට

දශක තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති කුරිරු යුද්ධයෙන් කෲර ලෙස අගතියට පත් වූ සිංහල දෙමල සහ මුස්ලිම් ජනතාව තමා සන්තක සියළු දේපළ අතහැර දමා දකුණ ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වූ අතර බහුතරයක් දමිළ ජනතාව සරණාගතයින් වශයෙන් පිටරට වල පදිංචියට ගියහ. මේ අතුරින් දැඩි පීඩනයකට ලක්වූ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මංකොල්ලකෑමට ලක්ව ඇඳි වත…

Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ සිසුන් දහසකට ගණිතය විෂය වැඩිදුර ඉගෙනීමේ වරම්- නවවි මන්ත්‍රීතුමා වෙතින්

පුත්තලම දිස්ත්‍රික්කයේ තොරා ගත් පාසල් වල ගණිතය විෂය වැඩිදියුණු කරලීමේ අරමුණින් සිසුන් දහසක් සඳහා පුත්තලම දිස්ත්‍රික් නවවි පදනම විසින් වැඩසටහනක් දියත් කරන ලදී.මේ එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ පක්ෂයේ නියෝජ්‍ය නායක එම්.එච්.එම් නවවි මැතිතුමා සහ පිරිස.

Read More

නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමාගෙන් නොච්චියාගම 5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට ත්‍යාග

නාච්චියාතිවු පඩයප්පා  ක්‍රීඩාංගනයේ දී පසුගියදා පවත්වනු ලැබූ පා  පන්දු තරඟාවලියේ සමාප්ති උත්සවයට සහභාගී වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක ඉෂාක් රහුමාන් මැතිතුමා විසින් එම  ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ඉහළපෙලේ සාමාර්ථ ලබා ගත් සිසුන්ට ත්‍යාග ලබා දෙන ලදී.

Read More

පුත්තලම සහිරා ජාතික පාසලේ සාමාන්‍යපෙළ අධි සම්මාන ගත් සිසුන්ට නවවි මැතිතුමාගෙන් ත්‍යාග

පසුගියදා පුත්තලම සහිරා ජාතික පාසලේ පැවති අධ්‍යාපන පොදුසහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ අධි සම්මාන ලබාගත් සිසුන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයට සහභාගී වූ  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායකයකු වන එම්.එච්.එම්. නවවී මැතිතුමා විසින් සිසු දරුවන් අමතා ප්‍රකාශ කර සිටියේ යහ පාලන රජය විසින් අධ්‍යාපනය සඳහා මුල් තැන දී ඇති මෙම වකවානුවේ පුත්තලම…

Read More

“විල්පත්තුව කැපුවේ රාජ්‍ය දැව සංස්ථාවෙන්” මුස්ලිම් ජාතිකයන් නොවෙයි – පරිසරවේදී තිලක් කාරියවසම් මහතා කියයි

විල්පත්තු වන සංහාරය සිදු කළේ මුස්ලිම් ජාතියන් විසින් යැයි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද රාජ්‍ය දැව සංස්ථාව විසින් ගස් කපා ඉවත්කර ඇතැයි ද පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 19 දා කොළඹ රාමඩා හෝටලයේ දී සිවිල් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්…

Read More

ජාතිවාදය පතුරවන්නට වෙර දරණ පිරිසට අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ ව්‍යවස්ථා හා නීතිය සම්බන්ධ අධ්‍යක්ෂක නීතිඥ රුෂ්ඩි හබීබ් මැතිතුමාගෙන් කදිම පිළිතුරක්

අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ ව්‍යවස්ථා හා නීතිය සම්බන්ධ අධ්‍යක්ෂක ධූරය දරණ නීතිඥ රුෂ්ඩි හබීබ් මැතිතුමා මේ  බව කියා සිටියේ පසුගිය දා කොළඹ රාමඩා හෝටලයේ දී සිවිල් ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක දී අදහස් දක්වමිනි. එතුමාගේ සම්පූර්ණ කථාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකි අතර මෙහිදී කිවයුතු සුවිශේෂී කරුණක් වන්නේ පසුගිය දින වල මාධ්‍ය සාකච්ඡා මගින් පුන පුනා පැවසු මන්නාරමේ…

Read More

දෙමළ භාෂා දින උත්සවයේ සම්මාන ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ සහභාගීත්වය

අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද වර්ෂ  2016 සමස්ත ලංකා දෙමළ භාෂා දින තරඟාවලියේ ජයග්‍රහණය කරනු ලැබූ සිසු දරු දැරියන් සඳහා වූ සම්මාන ප්‍රධානොත්සවය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාවේ ත්‍යාග හා සහතිකපත් ලබාදීම සඳහා  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉෂාක් රහුමාන් මන්ත්‍රී තුමාද එම අවස්ථාව සඳහා එක්විය.

Read More